කැලණිය දුරුතු පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන්

ජන 10, 2020

    ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහැර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09)රාත්‍රී පැවැත්විණි.

    ආගමික වතාවත්වලින් අනතුරුව සාධාතුක කරඬුව ජනාධිපතිතුමා මංගල හස්තිරාජයා මත තැන්පත් කළේය.

    චමල්රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, සිසිර ජයකොඩි, ඉන්දික අනුරුද්ධ සහ ප්‍රසන්න රණවීර යන මැති ඇමතිවරු සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට පුෂ්පෝපහාර දැක්වූහ.


    කැලණිය රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින් වහන්සේ ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරුණු ආගමික වතාවත් සදහා දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News