ජනපති දළදා වහන්සේ වැඳපුදා ගනී

ජන 11, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (11) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දී ආගමික වතාවත්වල නිරතව දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තේය.

    ශ්‍රී දළදා මාලිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබිණ. ජනාධිපතිතුමා දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් පසු පැමිණ සිටි ජනතාව සමඟ සුහද කතාබහක නිරත විය.
    මහින්දානන්ද අලුත්ගමගේ,කෙහෙළිය අරඹුක්වැල්ල,එස්.බී. දිසානායක,ලොහාන් රත්වත්ත,දිලුම් අමුණුගම,ආනන්ද අලුත්ගමගේ, අනුරාධ ජයරත්න යන මැති ඇමතිවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 11 ජනවාරි 2020 12:48

    Latest News