ජනපති හදිසියේම ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

ජන 09, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) දහවල් කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    බාහිර රෝගී අංශය වෙත ගිය ජනාධිපතිතුමා රෝගීන් සමග සුහද කථා බහක නිරත වෙමින් තොරතුරු සොයා බැලීය. රෝගීන්ගෙන් තම ගම් ප්‍රදේශ පිළිබඳ විමසූ ජනාධිපතිතුමා දුර බැහැර සිට පැමිණි රෝගීන් එසේ පැමිණීමට හේතු විමසීය.

    කොළඹින් පිටත රෝහල්වල පවතින ගැටළු පිළිබඳව ඔව්හු ජනාධිපතිතුමා දැනුවත් කළහ. ජාතික රෝහලේ පවතින ගැටලු පිළිබඳව ද ජනාධිපතිතුමා වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය.

    prezgotabhaya px 900 20 01

    prezgotabhaya1 px 900 20 01

     

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 14:54

    Latest News