බංඩි පොහොර තොගයක් දෙසැම්බර් 2 කොළඹ වරයාට

නොවැ 18, 2022

    බංඩි පොහොර මෙට්‍රික් ටොන් 42,000 කට ආසන්න ප්‍රමාණයක් රැගත් නෞකාවක්, දෙසැම්බර් 2 වැනි දින කොළඹ වරායට පැමිණීමට නියමිතයි.

    කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ, එම පොහොර තොගය, ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මගින් මිලදී ගන්නා බවයි. 

    මෙවර මහ කන්නයේ පොහොර බෙදාහැරීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී, බංඩි පොහොර රැගත් නෞකාව දෙසැම්බර් 2 වැනිදින මෙරටට සේන්දු වන බව, හෙළි කෙරුණා. බංඩි පොහොර, වී වපුරා හෝ පැල සිටුවා සති 4 සහ 6 වශයෙන් අවස්ථා දෙකකදී යෙදිය යුතුයි. අවශ්‍ය පොහොර තොග ලැබෙන බැවින් ගොවීන්ට මෙවර නිසිකලට ගොයමට බංඩි පොහොර යෙදීමට අවස්ථාව සැලසෙන බව, අමාත්‍යවරයා කියා සිටියා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙටක්ටයාරයක් සඳහා බංඩි පොහොර කිලෝ 60 ක ප්‍රමාණයක් නිර්දේශ කර තිබෙනවා. එම ප්‍රමාණය, මුර දෙකක් තුළ කිලෝග්රෑම් 25 සහ 35 යන ප්‍රමාණවලින් ගොයමට යෙදිය හැකි බව, කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

    Latest News