ජපානයෙන් තවත් පොහොර නැවක්

අගෝ 06, 2023

    ජපානයේ ආධාර යටතේ මෙට්‍රික් ටොන් 8500ක යුරියා පොහොර නැවක් ඊයේ (05) රාත්‍රී කොළඹ වරායට පැමිණියා.

    එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේ ජපාන රජය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා උතුරු පළාතේ ගොවි ජනතාවට ලබා දීම සඳහා මෙම යුරියා පොහොර තොගය පරිත්‍යාග කර තිබෙනවා.

    ඒ අනූව, ඊයේ පොහොර ගොඩබෑම ආරම්භ කළ බවයි, රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති අස්චාර්‍ය ජගත් පෙරෙරා මහතා පවසනවා.

    මෙම පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාරදීම හෙට (7) දින පෙරවරු 10.00 ට සිදු කෙරෙනවා.

    මේ අතර යුරියා පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් සහිත නැවක් ද පෙරේදා කොළඹ වරායට පැමිණියා. එම පොහොර දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථානවලට බෙදාහැරීම් කටයුතු මේ වනවිට සිදු කෙරෙනවා.

    Latest News