යූරියා මෙට්‍රික්ටොන් 25,00ක් ආනයනයට අනුමැතිය

මැයි 16, 2023

    ‍‍මේ වසරේ යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්රිතක් ටොන් 25,000 ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා.

    ‍රජයේ පොහොර සමාගම් දෙක හා පෞද්ගලික අංශය සතුව පවතින යූරියා පොහොර ප්‍රමාණය සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉතිරි තොග සැලකිල්ලට ගෙන ආනයනය කළ යුතු යූරියා ප්‍රමාණය තීරණය කර තිබෙනවා.

    ලංකා පොහොර සමාගම මගින් සියයට 60 ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මගින් සියයට 40 ක් වශයෙන් පොහොර ආනයනය කිරීමට අමාත්යය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

     

    Latest News