බණ්ඩි පොහොර හෙට සිට රු. දහසක් අඩුවෙන්

ජූලි 14, 2023

    බණ්ඩි පොහොර හෙවත්, MOP පොහොර කිලෝග්‍රෑම් 50 මිටියක් හෙට සිට රුපියල් දහසකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    අද පෙරවරුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    මෙම කන්නය ආරම්භ වන විට රුපියල් විසිදෙදහස ඉක්මවා පැවති MOP පොහොර මිල රුපියල් 19,500 ක් දක්වා අඩු කිරීමට රජය පසුගිය සමයේ පියවර ගත්තා. එමෙන්ම, යළ කන්නය ආරම්භයේදීම එම පොහොර මිල තවත් රුපියල් 4500 කින් අඩු කළා. ඒ අනුව, මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් රුපියල් පහළොස්දහස බැගින් දැනට අලෙවි කෙරෙන MOP පොහොර මිල හෙට සිටම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් රුපියල් දාහතරදහසකට ලබාදීමට අවස්ථාව සලසා ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.

    Latest News