එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික හානිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ධීවරයන්ට වන්දි ගෙවන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 01 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

X-press Pearl නැවෙන් වෙරළට ගොඩගසන ලද ප්ලාස්ටික් කැට තොගය (Pallets) සම්බන්ධව අවසන් තීරණයක් ගන්නේ නීතිපතිතුමන්ගේ හා ඒ සම්බන්ධව පත් කරන ලද කමිටුවේ උපදෙස් අනුව බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි කපිතාන්වරයා ඇතුළු සැකකරුවන් පස් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අගෝස්තු මස 6 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් පීඩාවට පත් ධීවරයින්ට දැල් ආම්පන්න ලබා දීමේ පළමු අදියර අද ආරම්භ කෙරිණ.

එක්ස්ප්‍රස් පර්ල්නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එම නෞකාවේ දේශීය නියෝජිත සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය.

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවේ කපිතාන්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමත් සමග සමුද්‍ර ජීවීන්ට සහ පරිසරයට සිදු වූ හානිය පිළිබඳ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

ගිනි ගැනීමට ලක් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් විසි දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙරට රජයෙන් හා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව නෞකාවේ හිමිකාර සමාගම වන එක්ස්ප්‍රස් ෆීඩරස් ආයතනයේ ප්‍රධාන විධායක ෂැමොවෙල් යස්කොවිට්ස් ප්‍රකාශ කරයි.

ගිනි ගැනීමට ලක්වූ එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

Latest News