එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ සිද්ධිය සම්බ්න්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නැවේ කපිතාන්වරයා ඇතුළු 13 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රස පරීක්ෂකවරයා සමග අද නැව පරීක්ෂා කිරීමට යාමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස කොටස ද ඊයේ දිනයට සාපේක්ෂව මුහුදේ තරමක් ගිලී ගොස් ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. එහි පිටුපස කොටස මීටර් 22 පමණ ගැඹුරු මුහුදු පතුලේ රැඳී ඇති බවයි නාවික හමුදාව කියා සිටියේ.

එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නෞකාවල ගමන් මාර්ගයට බාධාවක් එල්ල නොවන බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක පවසයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් අද (31) දිනයේ දී ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටස් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජල සාම්පල රස පරීක්ෂකවරයාට යොමු කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය කොළඹ වරාය පොලීසියට කළ පැමිණිල්ලකට අනූවයි.

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.

Latest News