'එක්ස්ප්‍රස් පර්ල්' නිසා වූ පරිසර හානිය සොයයි...ඩොල්ෆින් සිරුරු 4ක්..

ජූනි 10, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමත් සමග සමුද්‍ර ජීවීන්ට සහ පරිසරයට සිදු වූ හානිය පිළිබඳ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

    ඒ මැයි 29 වැනිදා සිට ජුනි 9 වැනිදා දක්වා කාලය තුළ වාර්තා වූ සිදුවීම් පදනම් කර ගනිමින්.

    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනූව කැස්බෑවන් 23 දෙනෙකුගේ හා ඩොල්ෆින් මත්ස්‍යයින් 4 දෙනෙකුගේ සිරුරු හමුවී තිබේ. ඒ වැල්ලවත්ත,දෙහිවල,මොරටුව,එගොඩඋයන,පානදුර,කොස්ගොඩ,ඉඳුරුව,ගාල්ල,උණවටුන,කුඩාවැල්ල,මාරවිල,තොඩුවාව යන වෙරළාශ්‍රිත ප්‍රදේශවලින්.

    මියගිය කැස්බෑවුන්ගෙන් 7 දෙනෙකු බටු කැස්බෑවන් වන අතර පොතු කැස්බෑවන් 4 දෙනෙකු හා ගල් කැස්බෑවන් 4 දෙනෙකු ද වාර්තා වෙයි. මීට අමතරව අසාද්‍ය තත්වයේ පසුවන කැස්බෑවුන් දෙදෙනෙකු මේ වන විට පශු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි වන වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ.

    මීට අමතරව ඩොල්ෆින් මත්ස්‍යයින් ඇතුළු පරා,ගල් මාලු,මුහුදු ආඳාවුන් සහ වෙරළ ආසන්න වෙසෙන පක්ෂි වර්ග කිහිපයක් ද මියගොස් ඇතැයි සඳහන්.

    මේ පිළිබඳ අදාළ නෞකා සමාගමට එරෙහිව සමුද්‍ර පරිසර සහ වෙරළ සංරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, අධිකරණ අමාත්‍යාංශය එක්ව ඉදිරියේ දී ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

    Latest News