'එක්ස්ප්‍රස් පර්ල්' ගැන පුද්ගලයන් 20කගෙන් ප්‍රකාශ ලබාගැනේ

ජූනි 06, 2021

    ගිනි ගැනීමට ලක් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් විසි දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

    මේ අතර නාවික ගමනාගමනයේදී නැව් සන්නිවේදන සබඳතා පටිගත කෙරෙන 'වොයිස් ඩේටා රෙකෝඩර්' හෙවත් 'VDR' පණිවුඩ හුවමාරු දත්ත පටිගත කිරීමේ පද්ධතිය ඊයේ (05) දිනයේදී නාවික හමුදාවේ ද සහාය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

    නෞකාවේ අනතුර සිදුවීමෙන් පසු පානදුර සිට වැල්ලවත්ත දක්වා වූ මුහුදුතීරයේ මියගිය කැස්බෑවන් 4 දෙනෙක් හමු වූ බවත්, අද දිනයේත් මියගිය කැස්බෑවෙකු දෙහිවල ඕබන් පෙදෙසෙන් හමුවූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසයි.

    මියගිය කැස්බෑවාගේ මළ සිරුර වන ජීවී නිලධාරීන් විසින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත මරණ පරික්ෂණ කටයුතු සිදුකිරීම සඳහා අත්තිඩිය පිහිටි වන ජීවී කාර්යාලයේ පශු වෛද්‍ය ඒකකට බාරදි තිබේ.

    Last modified on ඉරිදා, 06 ජූනි 2021 13:05

    Latest News