රට තුළ සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජය පවසයි.

අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඟවා තබා ගන්නා හෝ පාලන මිල අභිබවා අලෙවි කරන්නන්ට එරෙහිව දැනට ක්‍රියාත්මක රුපියල් 2500ක දඩ මුදල රුපියල් 100,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

ස්ථාවර මිල තීරණය කළ සහල්, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 ලබන සඳුදා සිට සතොස සහ සමූපකාර මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ කිසිදු හිඟයක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

අඩු ආදායම්ලාභී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමට රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ මැදිහත් වීමෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

දිස්තික්ක කිහිපයක දැනට පවතින ඇඳිරිනීතිය අද උදේ 6.00 ට ඉවත්‌ කෙරුණු අතර එය දහවල්‌ 2.00 ට යළි පැනවීමට නියමිතයි.

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය අද තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නගර වෙත පැමිණෙන අයුරු දක්නට ලැබිණ.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පනවා තිබූ ඇඳිරි නීතිය අද උදේ 6.00ට ලිහිල්‌ කිරීමත්‌ සමග ජනතනාව විශාල වශයෙන්‌ නගර වෙත පැමිණි බව වාර්තා වේ.

ජනතාව ඒකරාශීවීම වළකමින් නිවසටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩසටහන රජය ආරම්භ කර තිබේ.

Latest News