අඩු ආදායම්ලාභී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර

අප්‍රේ 05, 2020

    අඩු ආදායම්ලාභී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමට රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ මැදිහත් වීමෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

    අනුරාධපුර, පොතානේගම ප්‍රදේශයේ පවුල් 580ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පසුගියදා ප්‍රදානය කෙරිණ. මෙය සංවිධානය කළේ එම ප්‍රදේශයේ ගණදෙවි කෝවිල සංවර්ධන සමිතියයි. පඬුරු ලෙස ලැබෙන මුදලින් මෙම ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන තිබේ.

    මේ අතර වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෙවණපිටිය හා රුවන්පිටිය යන ග්‍රාමවල පවුල් 300ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් ඊයේ බෙදා දෙනු ලැබිණි. ශ්‍රී ලංකා භික්ෂු පෙරමුණේ භික්ෂුන් වහන්සේ මේ සඳහා මැදිහත් වී ක්‍රියා කළහ.

    Latest News