අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ කිසිදු හිඟයක් නෑ - ඇමති බන්දුල

නොවැ 04, 2020

    අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ කිසිදු හිඟයක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ දැනට පවත්නා අත්‍යවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය තොග පෙන්වා දෙමින් අමාත්‍ය ප්‍රකාශ කළේ, "හාල්, පිටි, සීනි, පරිප්පු, අල, ළූණු, ඇතුළු මේ සියළු තොග අවශ්‍ය ප්‍රමාණයට වෙළෙඳසැලේ තිබෙනවා. මෙම පවත්නා අවදානම දරමින් තොග රැස් කරන්නෙ පුද්ගලික අංශයේ ගබඩා පවත්වාගෙන යනවා."

    එමෙන්ම වෙළෙඳපොල විවෘත කිරීමෙන් පසුව කිසිදු හිඟයකට බියෙන් තොග රැස් කිරීමක් සිදු නොකරන මෙන් ද රටට අවශ්‍ය ප්‍රමාණයේ භාණ්ඩ තොග පවත්නා බැවින් මහජනතාව විසින්

    සෞඛ්‍ය අංශයේ නීති රීති පිළිපදිමින් මෙම දුෂ්කර අවස්ථාවේදී කටයුතු කළ යුතු බව ද ඒ මහතා විසින් අවධාරණය කරන ලදී.

    යහපත් වෙළෙඳ ව්‍යපාරික කටයුතුවල නියැලෙමින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගයන්ට අනුකූලව තම ව්‍යපාර කටයුතු සිදු කළ යුතු බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා, පාරිභෝගික ජනතාව ද මෙම භාණ්ඩවල මිළ ගණන් පිළිබඳ නිසි දැනුම්වත් බවකින් කටයුතු කළ යුතු බව වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

    මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද සහභාගී වී සිටියහ.

    Latest News