සඳුදා සිට මිල අඩුවන භාණ්ඩ - අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27ක්

පෙබ 05, 2021

    ස්ථාවර මිල තීරණය කළ සහල්, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 ලබන සඳුදා සිට සතොස සහ සමූපකාර මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ලබන සඳුදා සිට මෙම භාණ්ඩ නව මිල ගණන් යටතේ සතොස,සමූපකාර හා Q-Shop හරහා පාරිභෝගික ජනතාවට නිකුත් කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

    අදාළ මිල ගණන් යටතේ ලැබෙන පාරිභෝගික සහන පිළිබදව පාරිභෝගික අධිකාරිය මගින් අඛණ්ඩව නිරීක්ෂණය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    සතොස, සමූපකාර හා Q-Shop හරහා මෙම භාණ්ඩ ලබා ගැනීමේදී යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව විමසීම් කිරීම සඳහා 1998 ඍජු දුරකථන අංකයත්, යම් ස්ථානයක සිදුවන මිළගණන් වංචා සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා 1977 ඍජු දුරකථන අංකයත් එළඹෙන සඳුදා දින සිට ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මිල අඩුකරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ වල ලේඛණය පහත දැක්වේ :

    Attachment 01 price list

    Latest News