CIDය සහරාන් ගැන පරීක්ෂණ නව මුහුණුවරකින්‌ (වීඩියෝ)

අප්‍රේ 29, 2020
  • වනාතවිල්ලුව, කාරතිව්‌ අරාබි පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ට අවි පුහුණුවක්‌ ලබා දී ඇති බවට හෙළි වීමත්‌ සමග අපරාධ පර්ක්ෂණ දෙපාර්තමේන්තුව නව මුහුණුවරකින්‌ පරීක්ෂණ අරඹා තිබේ.

    එම විමර්ශනය ආරම්භ වී ඇත්තේ, කාරතිව් අරාබි පාසලේ අධ්‍යාපනය ලබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින දරුවෙකු ලබා දී ඇති ප්‍රකාශයක්‌ අනුවයි.

    14 වැනි වියේ පසුවන එම දරුවා ඇතුළු සැකකරුවන්‌ පිරිසක්‌ පසුගියදා එම අරාබි පාසල වවන රැගෙනවිත්‌ තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන්‌ විමසා ඇත්තේ පුහුණුවීම්‌ සිදු කළ ස්ථාන පෙන්වන ලෙසයි. පාසල්‌ භූමියේ ඉදිකිරීම්‌ කිහිපයක්‌ සිදු කොට තිබීම හේතුවෙන් එම ස්ථාන පෙන්වීමට දරුවා අපොහොසත්‌ වී තිබේ. එම දරුවා නිලධාරීන්‌ හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, ඉලක්ක පත්‌ ලබා දී වෙඩි‌ තැබීම්‌ පුහුණු කළ බවයි.

    කාරතිව් මද්‍රසා පාසල ආරම්භ කර ඇත්තේ 2008 වරිෂයේදී ය. විවිධ ප්‍රදේශවල දෙමාපියන්‌ අහිමි දරුවන්‌ 40 කට ආසන්න පිරිසක්‌ මෙහි ඉගෙනුම ලබති.

    Last modified on බදාදා, 29 අප්‍රේල් 2020 20:44

    Latest News