පාස්කු ප්‍රහාරයේ සියලු වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ජනාධිපති ගෝඨාභයට හැකියි - එම ප්‍රහාරයේ වින්දිතයන් (වීඩියෝ)

අප්‍රේ 30, 2020
  • පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට හැකියාව ඇති බවට තමන් විශ්වාස කරන බව, එම ප්‍රහාරයේ වින්දිතයන් පවසයි.

    ඔවුන් මේ බව කියා සිටියේ, කටුවාපිටිය දේවස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    විනාඩි 25ක් තුළ ස්ථාන 07කදී මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හරිමින්, 2019 පාස්කු 21 වැනි දින සිදු කළ එම අමානුෂික ක්‍රියාවෙන් දරුවන් 45 දෙනෙකු ඇතුළු 269 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වූහ. මෙම සියලු සිදුවීම්වලට හේතුව වූයේ, හිටපු බලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියා.

    සිද්ධියට සම්බන්ධ සෑම පුද්ගලයෙකුටම නිසි දඬුවම් ලබාදිය යුතු බව, මීගමුව කලාපීය කතෝලික පියතුමන්ගේ සංසදය මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 අප්‍රේල් 2020 20:09

    Latest News