මවගේ DNA මගින් සිනමන්ඩ් ග්‍රෑන්ඩ් බෝම්බකරු තහවුරුවකට නියෝග

මැයි 02, 2019

    කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බය පුපුරුවා හැරි මොහොමඩ් ඊබ්‍රහිම් මොහොමඩ් ඉන්සාෆ් අහමඩ්ගේ මවගේ රුධිර සාම්පල යොදාගෙන DNA පරීක්ෂාව සිදු කරන ලෙස අධිකරණය නියෝග කරයි.

    කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරි ත්‍රස්තවාදියා වන මොහොමඩ් ඉන්සාෆ් අහමඩ්ගේ යන සැකකරුගේ ෆ්ලවර් ටෙරස්, කොළඹ 07 ලිපිනයේ පදිංචි සැකකරුගේ මවගේ රුධිර සාම්පල යොදාගෙන ඩී එන් ඒ පරීක්ෂාව සිදු කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (02) නියෝග කර ඇත.

    කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ලබන ජුනි මස 12 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

    Latest News