දෙහිඕවිට සහ මාදම්පේ යන ප්‍රදේශවලදී දියේ ගිලීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

සිරිපාදේ වන්දනාවේ යමින් සිටියදී පලාබද්දල ප්‍රදේශයේ දී ඊයේ (15) පස්වරුවේ කළු ගඟේ දිය නාමින් සිටි සිව්දෙනෙකු ජල පහරකට හසු වී ගසාගෙන ගොස් ඉන් දෙදෙනෙකු මිය ගොස් එක් අයෙක් අතුරුදන්ව තිබේ.

නිලාවේලි මුහුදු තීරයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු බේරාගැනීමට පොලිසිය සමත්වී ඇත.  

හංවැල්ල කුමාරි ඇල්ලේ දියනෑමට ගොස්‌ අතුරුදන්‌ වූ තරුණියන්‌ තිදෙනාගෙන් 16 හැවිරිදි තරුණියගේ සිරුර සොයාගෙන තිබේ.

ජලය පුරවා තබන ප්ලාස්ටික් ජල බඳුනකට වැටී අවුරුදු එකයි මාස තුනක ළදරුවෙකු ඊයේ (30) පස්වරුවේ දී මියගොස් ඇත.

දිය නැමට ගොස් වැවේ අතුරුදහන්ව සිටි සේවකයන් දෙදෙනාගේ සිරුරු ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් ගොඩගෙන තිබේ.

බඩල්කුඹුර පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති පරෙයියන් දිය ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ දෙදෙනකු දියේ ගිලී මියගොස් තිබේ.

මහවෙල පොලිස් වසමේ අන්කන්ද විදුලිබලාගාරය ආසන්නයේ ඇති සුදු ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ.

කිරිඳිවැල, රංවල හරහා ගලා බසින කැලණි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතරින් දෙදෙනෙත් දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

වාලච්චේන පොලිස් වසමේ මීරාඕඩය පුලි අඩි කලපුවේ දිය නාමින් සිටි තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Latest News