ජල බඳුනකට වැටී මාස 15ක බිළිඳෙක් ජීවිතක්ෂයට

දෙසැ 31, 2021

    ජලය පුරවා තබන ප්ලාස්ටික් ජල බඳුනකට වැටී අවුරුදු එකයි මාස තුනක ළදරුවෙකු ඊයේ (30) පස්වරුවේ දී මියගොස් ඇත.

    බුත්තල ගෝනගංආර පොලිස් බල ප්‍රදේශයට අයත් වගුරුවෙල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබේ.

    දරුවාගේ දෙමාපියන් ගෙවත්තේ වැඩකරමින් සිටින අතරතුර දරුවා නිවස තුළ කාමරයක නිදාගෙන සිට ඇති අතර පසුව දරුවා පිළිබඳ සොයා බලන අවස්ථාවේ දරුවා නිදා සිටි ස්ථානයේ නොමැති වීම හේතුවෙන් ඔවුන් ඒ පිළිබඳ සොයා බලා තිබේ.

    එහිදී වතුර වතුර පිර වූ තරමක් විශාල ජල බාල්දියක් තුළට දරුවා වැටී සිටිය දී ‍ෙ එක සොයාගෙන ඇත.

    පසුව කඩිනමින් දරුවා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළුත් කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බව රෝහලේ ප්‍රකාශයකු පැවසීය.

    මියගිය දරුවාගේ මළ සිරුර සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය ඊයේ (30) පස්වරුවේ දී සිදු කළ අතර මළ සිරුර ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙන ගොස් තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් ගෝනගංආර පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News