කළු ගඟේ ගිලී මරණ තුනක්

ජන 16, 2022

    සිරිපාදේ වන්දනාවේ යමින් සිටියදී පලාබද්දල ප්‍රදේශයේ දී ඊයේ (15) පස්වරුවේ කළු ගඟේ දිය නාමින් සිටි සිව්දෙනෙකු ජල පහරකට හසු වී ගසාගෙන ගොස් ඉන් දෙදෙනෙකු මිය ගොස් එක් අයෙක් අතුරුදන්ව තිබේ.

    දෙදෙනකුගේ සිරුරු ඊයේ රාත්‍රියේ හමුවු බව පොලිසිය පවසයි. එක් අයෙකු දිවි බේරාගෙන ඇති බව ද පොලීසිය පවසයි.

    සිද්ධියෙන් මියගොස් තිබෙන්නේ,අඟුරුවාතොට උඩුවර උක්කල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ සෙබළකු ලෙස සේවය කල ටෙරාන් සිල්වා (වයස අවුරුදු 13) අඟුරුවාතොට උඩුවර නව නිවාසහි පදිංචිව සිටි සමන් ක්‍රිෂාන්ත (වයස අවුරුදු 40), ඔහුගේ දෙවැනි පුතු වන මදුරාවල මහා විද්‍යාලයේ හයවන වසරේ ඉගෙනුම ලැබූ පසිඳු නිම්සර (වයස අවුරුදු 11) යන අය අතුරුදව තිබේ.

    Latest News