කුමාරි ඇල්ලේ දී අතුරුදන්‌ වූ එක්‌ තරුණියකගේ සිරුර සොයා ගැනේ

දෙසැ 31, 2021

    හංවැල්ල කුමාරි ඇල්ලේ දියනෑමට ගොස්‌ අතුරුදන්‌ වූ තරුණියන්‌ තිදෙනාගෙන් 16 හැවිරිදි තරුණියගේ සිරුර සොයාගෙන තිබේ.

    ඊයේ සවස 3.30 ට පමණ මෙම ස්ථානයේ දියනෑමට අට දෙනෙකුගෙන්‌ සමන්විත තරුණ තරුණියන්‌ පිරිසක්‌ පැමිණ ඇති අතර , එම පිරිස දියනාමින්‌ සිටින අතර කළුඅදුර හා හේවාඉන්න ප්‍රදේශවලට ඇදහැළුනු අධික වර්ෂාවත්‌ සමහ ඇල්ලේ ජල ප්‍රමාණය එකවර ඉහළ ගොස්‌ ඇත.

    ඒ සමඟ මෙම තරුණියන්‌ පිරිස ගසාගෙන ගොස්‌ ඇති තිබේ. ගසාගෙන ගිය පිරිස අතර යාපනය ප්‍රදේශයේ සිට කෙරවලපිටිය ප්‍රදේශයේ පදිංචි ඥාතියෙකුගේ නිවසට පැමිණ සිටි එකම පවුලේ සහෝදරියන්‌ දෙදෙනෙකුද වන බව වාර්තාවේ.

    මෙසේ අතුරුදන්‌ වී ඇත්තේ කෙරවලපිටිය පදිංචි 29 හැවිරිදි වේවන්‌ ජේසුදාසන්‌ , යංපනයේ පදිංචි 16 හැවිරිදි එඩ්මන්‌ දේවදාස්‌ උෂාරා සහ 14 හැවිරිදි එඩ්මන්‌ දේවදාස්‌ මිදුෂා යන සොහොයුරියන්‌ දෙදෙනායි.

    එසින්‌ 16 හැවිරිදි තරුණියගේ සිරුර මේ වන විට ඇල්ල පහළ ස්ථානයක තිබී සොයාගෙන ඇත.

    අනෙක් දෙදෙනා සොයා යුධ හමුදා සහ පොලිස්‌ නිලධාරීන්‌ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මෙහෙයුම්‌ ක්‍රියාත්මක කරමින්‌ තිබේ.

    Latest News