දියේ ගිලීමෙන් තිදෙනෙකු මරුට

මාර් 26, 2022

    දෙහිඕවිට සහ මාදම්පේ යන ප්‍රදේශවලදී දියේ ගිලීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

    දෙහිඕවිට, සීතාවක ගඟේ, යෝගම පාලම අසළ දියේ ගිලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, රාජගිරිය හා කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

    මේ අතර මාදම්පේ, තිනිපිටිය වැවේ ගිලීමෙන් පල්ලේකැලේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි ද පොලීසිය පවසයි.

    Latest News