ලොනැක් වතු යායේ පිහිටි වැවෙහි අතුරුදහන් වූ දෙදෙනා ගොඩගනි

සැප් 20, 2021

    දිය නැමට ගොස් වැවේ අතුරුදහන්ව සිටි සේවකයන් දෙදෙනාගේ සිරුරු ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් ගොඩගෙන තිබේ.

    හැටන් වටවල ලොනැක් වතු යායේ පිහිටි වැවෙහි දිය නැමට ගොස් (19) දින පස්වරුවේ අතුරුදහන් වූ අදාළ පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් (20) දින උදැසන එම වැවේ තිබි ගොඩ ගැනිනි.

    මෙසේ ගොඩගනු ලැබුවේ වටවල ලොනැක් වත්තේ පදිංචි 38 හැවිරිදි දෙදරු පියාකුගේ සහ හලාවත විලත්තල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකුගේ සිරුරුයි.

    ජිවිතක්ෂයට පත් දෙදෙනා වටවල ලොනැක් වතු යායේ පිහිටි සත්ව ගොවිපොලක ගොඩනැගිල්ලක් ඉදි කිරිමේ කටයුත්තක නියැලි සිටි අය බවත්, ඔහුන් දෙදෙනා එම ගොවිපොලේ ගොඩනැගිල්ල ඉදිකිරිමේ කටයුත්තේ නියැලි සිටින තවත් තිදෙනෙකු සමග (19) දින පස්වරු 5 ට පමණ වැවේ දිය නැමට ගොස් සිටියදි මෙම අනතුරට පත් වි ඇත.

    පළමුව ජිවිතක්ෂයට පත් වු සින්නයියා රාජා වැවෙහි දිය නාමින් සිටියදි ඔහු දියේ ගිලෙමින් සිටියදි ඔහු බේරා ගැනිමට සචින්ත දිල්ෂාන් වැවට පැන උත්සහ කළ අවස්තාවේ දෙදෙනාම දියේ ගිලි අතුරුදහන් වි තිබුණි.
    අතුරුදහන් වු දෙදෙනාගේ සිරුර සොයා ගැනිමට වතු කම්කරුවන් (19) දින රාත්‍රිය වන තෙක්ම උත්සහ කළත්, සිරුරු සොයා ගැනිමට නොහැකි වු නිසා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් සහය ලබා ගැනිමට නෝටන්බ්‍රිජ් පොලිසිය කටයුතු කරනු ලැබුහ.

    ගොඩගත් සිරුරු දෙක හැටන් මහෙස්ත්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසුව සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිරණ වෛද්‍යවරයාට යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

    Latest News