ඔක්කම්පිටිය ගාමිණීපුර ප්රදේශයේ පදිංචි එකම පවුලේ අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පරෙයියන් ඇල්ලනැරඹීමට සහ එහි දිය නෑමට ඊයේ (1) පස්වරුවේ ගොස් ඇත.
එහිදී එක් වරම එම ස්ථානයේ සිටි තරුණියක් දියවලකට ඇද වැටී ඇති අතර ඇයව බේරාගැනීම සදහා ඇගේ සහෝදරයා ද එම දියවලට පැන තිබේ.
පසුව එම දෙදෙනාම දියේ ගිලී මියගොස් ඇති අතර විනාඩි කිහිපයකින් පසු ඔවුන්ගේ සිරුරු ගොඩ ගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේගාමිණීපුර, ඔක්කම්පිටිය ලිපිනයේ පදිංචි වයස අවුරුදු විසිතුනක් වන තරුණියක් සහ ඇගේ සහෝදරයා වන තිස්හැවිරිදි තරුණයෙක් බව බඩල්කුඹුර පොලිසිය පැවසීය.
ඔවුන් දෙදෙනා එකම පවුලේ නංගි සහ අයියා වන අතර මියගිය දෙදෙනාගේ සිරුරු වැඩි දුර විමර්ශන සදහා මොනරාගල දිස්ත්රික් මහ රෝහල වෙත ගෙනගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.