දියේ ගිලී 16 හැවිරිදි තරුණයෙක් මරුට

ජූනි 29, 2020

    වාලච්චේන පොලිස් වසමේ මීරාඕඩය පුලි අඩි කලපුවේ දිය නාමින් සිටි තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (28) සවස 5.30ට පමණ පිරිසක් සමග දියනෑමට ගිය මෙම තරුණයා දියේ ගිලී ඇත.

    මෙලෙස දියේ ගිලී මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 16 ක් වු ඉමාම් පාර, බීරාන්දරච්චේන ලිපිනයේ පදිංචි තරුණයෙකි. මියගිය අයගේ පියා සහ පවුලේ ඥාතීන් සමග දිය නෑමට ගොස් සිටිය දී මෙලෙස අනතුරට ලක්වු බව අනාවරණය වී තිබේ.

    මෘත ශරීරය වාලච්චේන රෝහලේ තැන්පත් කර ඇත. වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News