දඹුල්ල සමෘද්ධිලාභී පවුල් 233කට නොමිලේ විදුලිය

මාර් 23, 2021

    සමෘද්ධි හිමිකම්ලාභී හා අඩු ආදයම්ලාභී පවුල් සඳහා විදුලිය ලබා දීමට රජය විසින් දියත් කරන දැයට එළිය ව්‍යාපෘතිය මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මකයි.

    මෙම වැඩසටහන දඹුල්ල ආසනයේ අඩු ආදයම්ලාභීන් හා සමෘද්ධිලාභීන් ඉලක්ක කොට ක්‍රියාත්මක විය.

    රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ දී විදුලි මාර්ගයට මීටර 50ක ආසන්නයේ වූ විදුලිය නොමැති පවුල් 233ක් සඳහා විදුලිය නොමිලේ ලබා දීමට අවශ්‍ය කටයුතු අමාත්‍යවරයා අතින් සිදුවිය.

    මෙම ව්‍යාපෘතිය මාතලේ දිස්ත්‍රික්කය පුරාම සිදුකිරීමට නියමිතයි.

    දැයට එළිය වැඩසටහනේ තවත් විශේෂත්වයක් වන්නේ අදාල නිවාස වල විදුලි පරිපථ එළීම සඳහා සමෘද්ධි බැංකුව මගින් රුපියල් 20,000 සහණ ණයක් ලබා දිමයි.

    මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    Latest News