දඹුල්ලට මත්කුඩු විකුණූ 9කට මාංචු

පෙබ 03, 2020

    දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු නව දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ.

    ඒ දඹුල්ල පොලීසිය විසින්. මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර, කන්තලේ,සේරුනුවර ප්‍රදේශයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා පැමිණ සිට අඹුසැමි යුවලක් වෙයි. සැකකරුවන් දඹුල්ල, ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    ඊෂි කෑෂ් ක්‍රමය හරහා ගලේවෙල,තලකිරියාගම,දඹුල්ල නගරය නවපාදෙණිය ඇතුළු ප්‍රදේශ රැසක මොවුන් මත්කුඩු ජාවාරමේ යෙදී සිට ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සදුදා, 03 පෙබරවාරි 2020 08:10

    Latest News