යුද හමුදාපති දඹුල්ල ආර්ථිකයට

මාර් 27, 2020

    කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා , අද දහවල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණියේය.

    ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් ඉහළ මට්ටමක පවතින බවට ලැබී ඇති තොරතුරු සහ එහි අතරමැදි වෙළෙඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහායි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත හදිසියේ පැමිණි යුද හමුදාපතිවරයා එහි වෙළඳුන් හා ගොවීන් සමග ද කෙටි පිළිසඳරක නිරත විය.

    මෙම ආර්ථික මධ්‍යස්ථානයේ විශාල තදබදයක් පවතින බවත් මිල ඉහළයාම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය වූ තොරතුරු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහාත් පැමිණි බව ඔහු මෙහි දී සඳහන් කළේය. එළවලු ප්‍රවාහනයට රජය විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර ඉදිරියේ දී නිවෙස්වලටම එළවළු යැවීමට පියවර ගෙන ඇතැයි ද ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිටින අතරමැදි වෙළෙඳ කණ්ඩායම් පිළිබඳව ද විශේෂ අවධානය යොමු වී ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 15:18

    Latest News