කලවම්කර විකුණනන් හැදූ ලූණු ටොන් 25ක් එළියට

මැයි 09, 2020

    මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික ලොකු ලූණු කිලෝ ටොන් 25ක් නැවත වෙළෙඳ පොළට නිකුත් කිරීමට සකසමින් සිටිය දී සොයා ගැනීමට දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් සමත් විය.

    නරක් වූ ලූණු හොඳ ලූණු සමඟ කවලම්කරමින් අලෙවියට සූදානම් කරමින් තිබූ බවයි, අප වාර්තාකරු පවසන්නේ. ලූණු තොගය එළඹෙන 11 වැනිදා සිට දිවයින පුරා බෙදා හැරීමට සැලසුම් කර තිබිණ. ඒවා පිළිසකර කිරීමට කාන්තාවන් 50 දෙනෙකු පමණ යෙදවා සිටි බවයි, අප වාර්තාකරු පවසන්නේ. දඹල්ල, නිකවටවන ප්‍රදේශයේ අතහැර දමා තිබූ වී මෝළක මෙම ලූණු තොගය ගබඩාකර තිබේ.

    ඒවා පරීක්ෂා කිරීමේ දී දැඩි දුර්ගන්දයක් පැවති අතර, බොහෝ සෙයින් නරක් වී තිබිණ. ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් නරක් වූ ලූණු තොගය ආනයනය කර ඇති අතර, ආනයනික හොද ලූණු සමඟ මිශ්‍රකර අලෙවි කිරීමටයි, සැලසුම් කර තිබුණේ. ලූණු තොගය විනාශ කිරීමට බලධාරීන් තීරණයකර තිබේ.

    Latest News