දඹුල්ල ආර්ථිකයේ මුදල් අය කළ සේවාවන් ඇමති මැදිහත්විමෙන් නිදහස් වේ

දෙසැ 09, 2019

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විසි වසරක් මුදල් අය කළ වැසිකිලි කැසිකිලි, රථවාහන ඇතුළත් කිරීමේ සහ දියනෑමේ ගාස්තු අද (09) සිට ඉවත් කර ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි.

    මේ පිළිබඳව දැනුම් දීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු .බී . ඒකනායක මහතා ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

    ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වන වාහනයකින් අය කළ රුපියල් 50 ක මුදල වැසිකිළි යෑම සඳහා එක් අයකුගෙන් අය කළ රුපියල් 20ක මුදල දිය නෑම සහ සනීපාරක්ෂක කටයුතු සඳහා අය කළ රුපියල් 50 ක නවතා දැමීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගත් බව යු. බී. ඒකනායක මහතා සඳහන් කළේය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වාහන ටෙන්ඩර්, වැසිකිලි ලබා ගැනීමේ ටෙන්ඩර්, දේශපාලන නායකත්වය මත ඔවුන්ගේ අනුගාමිකයන් ලබාගෙන ජනතා මුදල් දේශපාලනඥයින් අතර ද බිඳී ගිය බව ජනතාව පෙන්වා දෙති. මේ පිළිබඳව අවධානය යොමු කොට ජනතාවට සහන ලබාදීමේ අරමුණින් මුදල් අයකිරීම ඉවත් කළ බව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    මීට අමතරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අවට පෞද්ගලික ඉඩම්වල මහා පරිමාණයෙන් ආනයනික අල ලොකු ලූනු අලෙවිය සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් හා ලොකු ලූනු අලෙවි කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් වෙළඳ සංගම් සභාපති ඒකනායක මහතාගෙන් විමසා සිටියේය. විදේශ රටවලින් ගෙන්වන මුදලටත් වඩා අඩු මුදලකට ආර්ථික මධ්‍යස්ථානයේ අවට ගබඩා වලින් ලොකු ලූනු සහ අර්තාපල් අලෙවිය සිදුවන බවත් එසේ සිදුකරන්නේ මත්ද්‍රව්‍ය මෙම කන්ටේනර් වල ගෙනැවිත් අලෙවි කරනවා දැයි බරපතල සැකයක් මතුවන බව ද සඳහන් කළේය.

    අර්තාපල් අල සහ ලොකු ලූනු අලෙවිය ආර්ථික මධ්‍යස්ථාන ආසන්නයේ පිහිටි ගබඩා වලින් ඉවත් කිරීමටත් මහා නගර සභාවෙන් ව්‍යාපාර වෙළඳ බලපත්‍රය දී ඇත්නම් ඒයට දැඩි විරෝධය ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කළේය.
    දිගින් දිගටම මත්ද්රාව්ය රැගෙන එන චෝදනාව සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල ගෙන්වා අලෙවි කිරීම නිසා ආර්ථික මධ්යදස්ථානයේ නාමයටද බරපතළ කැලලක් එල්ලවී ඇතැයි හෙතෙම මෙම මාධ්යන හමුවේදී අවධාරණය කළේය. කන්ටේනර් වරායෙන් පිට කිරිමේ දී පරික්ෂ කරන්නේ වෙළඳපොලට හානියක් සිදු නොවන බවත් ඉදිරියේදි කන්ටේනර් පරීක්ෂාව කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

     

     

    Latest News