පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි සබරගමුව පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හසිත මුහන්දිරම් නොහොත් සර්පයා නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කරයි.

අමාත්‍ය විමල් වීරවංශට එරෙහි රුපියල් මිලියන 75 කට ආසන්න මුදල් හා දේපළ පිළිබඳ නඩුව ජනවාරි 27 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කරයි.

කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 27 බැගින් සිරදඬුවම් නියම කරයි.

2016-2017දී වී අලෙවි මණ්ඩලයේ වී, සහල් බවට පත් කිරිමේදී රු එකොලොස් කෝටි හැට අට ලක්ෂයකට අධික පාඩුවක් සිදුව ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද(26) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දුන්නේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා ලැබ සිටින නාමල් රාජපක්ෂ මහතාට පෙබරවාරි මස 10 වනදා දක්වා විදේශගතවීමට කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී තිබේ.

කොම්පඤ්ඤ වීදිය, ධර්මපාල මාවත ප්‍රදේශයේ නිවසක සිදු කළ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරු ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (08) නියෝග කළේය.

ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිසමේ රුපියල් ලක්ෂ 50ක් සාවද්‍ය ලෙස පරිහරණ චෝදනා කරමින් එහි හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නඩුවේ වැඩිදුර විභාගය ලබන 26 දා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද 25 නියම කළේය.

රුපියල් ලක්ෂ 355 ක් අල්ලස් වශයෙන් දීම හා ලබාගැනීම සම්බන්ධයෙන් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව නඩුවක් ඔක්තෝබර් මස 22 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

සිවිල් සංවිධාන ක්‍රියාකාරික මහාචාර්ය සරත් විජේසූරිය මහතාට විසින් අධිකරණයට අපහාස කළේ යැයි පවසමින් ඉදිරිපත්කර ඇති පැමිණිල්ලට එරෙහිව විරෝධතා ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥවරු අද අභියාචනාධිකරණයට දැනුම් දුන්හ.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 52.3 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමට වරදකරු කෙරුණු ත්‍රිරෝද රථ රියැදුරකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කෙරිණ.

Latest News