කොම්පඤ්ඤ වීදියේ ඝාතන සැකකරු ලබන 18 තෙක් රිමාන්ඩ්

නොවැ 08, 2019

    කොම්පඤ්ඤ වීදිය, ධර්මපාල මාවත ප්‍රදේශයේ නිවසක සිදු කළ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරු ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (08) නියෝග කළේය.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ 49 හැවිරිදි මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි අයකු වේ.

    කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කුරුදුවත්ත පොලීසිය විසින් සැකකරු ඊයේ (07) අත්අඩංගුවට ගෙන අද දක්වා රඳවා ප්‍රශ්න කිරිමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළේය.

    ඉකුත් 05 වනදා රාත්‍රී තියුණු ආයුධයකින් පහරදීමෙන් සහ ගෙල සිරකිරිමෙන් 49 හැවිරිදි හෝමාගම පදිංචි ගලගොඩ ආරච්චිගේ ම‍නෝජ් සුදර්ශන පෙරේරා නැමැති රක්ෂණ සමාගමක සේවය කරන අයකු ඝාතනය කර ඇත.

    එම පුද්ගලයා ඝාතනය කර නවාතැන් ගෙන සිටි කොල්ලුපිටි නිවසේ සොපාවක් යට සඟවා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

    සිද්ධියට අදාළව විමර්ශණ සිදු කර ඉදිරි දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.

    Latest News