මට්ටක්කුලියේ හෙරොයින් ජාවාරම්කරුට මරණ දඬුවම

අගෝ 21, 2019

    හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 52.3 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමට වරදකරු කෙරුණු ත්‍රිරෝද රථ රියැදුරකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කෙරිණ.

    කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් තීන්දුව ප්‍රකාශ කළේය. කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි පතිරගේ දොන් නිශාන්ත පෙරේරා නැමැත්තෙකුට මරණීය දණ්ඩනය නියම විය.

    2007 වසරේ මට්ටක්කුලිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් හෙරොයින් ග්‍රෑම් 52.3 ක් ප්‍රවාහනය කරමින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරු අදාළ චෝදනාවට වරදකරු කරන බව ප්‍රකාශ කළේය.

    ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය පනවන බව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කෙරිණි.

     

    Latest News