අධිකරණ අපහසයට මහචාර්ය සරත් විජේසුරිය වගඋත්තර බැදිමට සුදානම්

අගෝ 26, 2019

    සිවිල් සංවිධාන ක්‍රියාකාරික මහාචාර්ය සරත් විජේසූරිය මහතාට විසින් අධිකරණයට අපහාස කළේ යැයි පවසමින් ඉදිරිපත්කර ඇති පැමිණිල්ලට එරෙහිව විරෝධතා ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥවරු අද අභියාචනාධිකරණයට දැනුම් දුන්හ.

    නීතිඥ සම්පත් විජිත කුමාර මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    පැමිණිල්ල අභියාචනාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබිණ.

    චෝදනාවලට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයට කියා සිටියේය.

    පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයින් කිය සිටියේ වගඋත්තරකාර පාර්ශ්වය විසින් පසුගිය වතාවේ ද මෙම ප්‍රකාශයම සිදුකළ බවයි.

    කෙසේ වෙතත් නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් 21 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස සරත් විජේසූරිය මහතාට නියෝග කළ අභියාචනාධිකරණය පැමිණිල්ල නොවැම්බර් 25 වනදා කැඳවීමට නියම කළේය.

    ප්‍රසන්න විතානගේ මහතා විසින් අධ්‍යක්ෂණය කළ "උසාවිය නිහඬයි " චිත්‍රපටය සම්බන්ධයෙන් නිකුත් කළ අධිකරණ නියෝගය විවේචනය කරමින් අන්තර්ජාලය ඔස්සේ සිදුකළ ප්‍රකාශ කිහිපයකින් සරත් විජේසූරිය මහතා මෙරට අධිකරණ පද්ධතියට සහ විනිසුරුවරුන්ට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    Latest News