වර්තමානයේ පවතින හා මේ වන විට අහෝසි වී ඇති අමාත්‍ය ධුර පිළිබඳ වාර්තාවක් ඉදිරි සති දෙකක් තුළ අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

වසර දෙකක කාල සීමාව තුළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සකසුරුවම් සමිතියට අයත් රුපියල් ලක්ෂ 48 කට අධික මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින විත්තිකරුවන් තුන්දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

දැනට වසර හතරකට පමණ ඉහත දී ඝාතනය කෙරුණු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අලි ගුලාම් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඒ මහතාගේ පුත්‍රයා තවදුරටත් ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ලියාපදිංචි කරනු ලබන ඖෂධ වලට අදාළ ලේඛන ගබඩා කර තිබූ පරිගණක දත්ත ගබඩාව මැකී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය "එපික් ලංකා" නැමැති පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කල්දමා තිබුණු නඩු සඳහා නව දින ලබාදීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා.

පාස්කු ඉරුදින ෂැංග්රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනකු ලබන 13 වන දා තෙක් යලි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පස් දෙනකුට එරෙහිව ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග අත්හිටුවීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අද අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු අද(22) දෙවන දිනයේත් පැමිණ තිබේ.

බාලවයස්කාර පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 30 ක සිරදඬුවම් නියම කළේය.

Latest News