විනිමය සුරැකුමේ මුදල් නාමල්ගේ තරුණ්‍යයට හෙටට දුන් නඩු විභාගය 11/25

ඔක් 25, 2019

    ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිසමේ රුපියල් ලක්ෂ 50ක් සාවද්‍ය ලෙස පරිහරණ චෝදනා කරමින් එහි හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නඩුවේ වැඩිදුර විභාගය ලබන 26 දා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද 25 නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේ විනිසුරුවරයා මේ නියෝගය සිදු කළේය.

    ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක් "තාරුණ්‍යයට හෙටක්" සංවිධානයේ කටයුතු සඳහා ලබා දීම තුලින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් එම කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, එම කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානය ක්‍රියාකාරිකයෙකු වන රොනී ඊබ්‍රහිම්ට එරෙහිව නීතිපති මෙම නඩුව ගොනුකර තිබේ.

    Latest News