අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්රමසිංහ මහත්මිය විසින් අදාළ තීන්දුව ලබා දී තිබේ.
2009 වසරේ කලවාන ප්රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු වාහනයකින් යට කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුවක් විභාග කළ රත්නපුර මහාධිකරණය විසින් හසිත මුහන්දිරම් නමැත්තාට මරණීය දණ්ඩනය පනවන ලදී.
තමන්ට මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතියට පටහැනි බවත් එම චෝදනාවලින් තමන්ම නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් හසිත මුහන්දිරම් නමැත්තා විසින් අභියාචනාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
එම අභියාචනය විභාග කළ අභියාචනාධිකරණ විනිසුරුවරිය විත්තිකරු වරදකරු කරමින් මහාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි බව සදහන් කළේය. ඒ අනුව විත්තිකරු නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.