නාවික හමුදාව මීගමුව කලපුව ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධීව මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 557 ක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් සිය බාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව විසින් අද (29) අළුයම ඉළුප්පුකඩවායි වෙර‍ළේ තිබි බීඩි කොළ කිලෝග්‍රෑම් 303 ග්‍රෑම් 900 ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

ඉරණමාතානගර් ප්‍රදේශයේ දී සිදුකල සෝදිසි කිරිමකදී බිඩී කොළ කිලෝග්‍රෑම් 1113 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන තිබේ.

නීතිවිරෝධීව ඉන්දියාවේ සිට කල්පිටිය මුහුදු තීරයට රැගෙන ආ කිලෝග්‍රෑම් 1300කට වැඩි බීඩි කොළ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

තලෙයිමන්නාරම, ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු සීමාවේ දී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඩිංගි යාත්‍රාවක තිබි බීඩි කොළ කිලෝ ග්‍රෑම් 120 ක් සොයාගෙන තිබේ.

තලේමන්නාරම,වැලිපර 5 - 7 මුහුදු ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකින් බීඩි කොළ කිලෝග්‍රෑම් 717ක් අත්අඩංගුවට ගැනිණ.

මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ අද (17) සිදු කළ වැටලිමකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 946.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන තිබේ.

උඩප්පුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1232.5 ක් සොයා ගැනීමට නාවික හමුදාව ඊයේ(26) සමත්ව තිබේ.

මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ‍ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගැනිණ.

Latest News