බීඩි කොළ 1232.5kgක් නාවික හමුදාව සොයා ගනී

මාර් 26, 2019

    උඩප්පුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1232.5 ක් සොයා ගැනීමට නාවික හමුදාව ඊයේ(26) සමත්ව තිබේ.

    වයඹ නාවික විධානයට අයත් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සමත්ව ඇති මෙම බීඩී කොළ තොගය පාර්සල් 35 ක බහා තිබී ඇත.

    මෙම බීඩි කොළ තොගය නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒම සඳහා මුහුදේ පා කිරීමට කටයුතු කර ඇතැයි සැක ‍කරන අතර, ඒවා ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා සින්නපාඩු, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.

    ඒ අනුව මෙම වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 7000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, ඉදිරියේදී ද මෙවැනි නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්විමට නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරමින් සිටියි.

    Latest News