පාර්සල් 30ක ඇසුරූ බීඩිකොළ මන්නාරම ගෙයකින් එළියට

ජූනි 17, 2019

    මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ අද (17) සිදු කළ වැටලිමකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 946.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන තිබේ.

    නිවසක් තුළ ගබඩා කර තිබූ මෙම බීඩි කොළ පාර්සල් 30 ක් ලෙස අසුරා තිබිණ. මේවා නිවස වෙත ප්‍රවාහන කිරීමට යොදා ගත් කරත්තයක් ද සොයා ගැනිණ.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25, 48 ස‍හ 60 ක් වන මන්නාරම තාරපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඒ අනුව මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 14000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගෙන තිබේ. මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

     

     

    Last modified on සදුදා, 17 ජූනි 2019 11:44

    Latest News