ඉළුප්පුකඩවායි වෙර‍ළේ අයිතිකරුවෙක් නැති බිඩි කොළ තොගයක්

නොවැ 29, 2019

    නාවික හමුදාව විසින් අද (29) අළුයම ඉළුප්පුකඩවායි වෙර‍ළේ තිබි බීඩි කොළ කිලෝග්‍රෑම් 303 ග්‍රෑම් 900 ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

    නාවික හමුදාව විසින් ඉළුප්පුකඩවායි වෙරළ ප්‍රදේශයේ කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ගොස් තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගෙන ඇත. ඒවා පාර්සල් අටක් (08) තුල අසුරා තිබු බව නාවික හමුදාව පවසයි. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, රේගු කාර්යයාලය වෙත භාර දීමට නියමිතයි.

    උතුරු මැද නාවික විධානය පසුගිය දින කිහිපයේදි කළ සෝදිසි කිරීම්වලදී අතහැර දමා ගොස් තිබූ බීඩි කොළ විශාල ප්‍රමාණයක් සොයා ගැනිණ.

    නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් මෙම බීඩි කොළ තොගය අතහැර දමා පලායන්නට ඇති බවට සැක පළ කෙරේ. සාගරය භාවිතා කරමින් සිදු කරනු ලබන ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයයෙන් සිටී. මේ වන විට බිඩී කොල ටොන් 50 ඉක්මවු තොගයක් නාවික හමුදාව බාරයට ගෙන ඇත.

    Latest News