පේසාලි මුහුදෙන් මතුවූ 1377.15kg බීඩි කොළ (ඡායාරූප)

මාර් 09, 2019

    මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ‍ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගැනිණ.

    එම ප්‍රදේශයේ වැඩිදුර සෝදිසි කිරිම්වල දී තවත් බීඩී කොළ කිලෝග්‍රෑම් 1053.75 ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය. මෙම බීඩී කොළ පාර්සල් වශයෙන් අසුරා බහා තිබී ඇති අතර, ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ.

    ඒ අනූව සම්පූර්ණ බීඩී කොළ කිලෝග්‍රෑම් 1377.15 ක ප්‍රමාණයක් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා තෙලිප්පලේ, පොලිසිය වෙත භාර දීමට නියමිතව තිබේ. නාවික හමුදාව ශ්‍රී ලංකාව වටා පිහිටි මුහුදු ප්‍රදේශය සහ වෙරළ තීරය නිරන්තර විමර්ශනයට ලක් කරන අතර, එමගින් සාගරය හරහා සිදුවන නීතිවිරෝධී ජාවාරම් මැඩලීමට හැකිවී ඇත.

    නිරන්තර අවධානයෙන් රාජකාරී කරන නාවික පුද්ගලයින් නිසා මුහුදු මගින් සිදුවන ජාවාරම් රාශියක් වළකාලීමටත්, එම ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් නාවික හමුදාව සමත්ව ඇත.

    3

    4

    1

    Last modified on සෙනසුරාදා, 09 මාර්තු 2019 08:19

    Latest News