කොවැක්ස් පහසුකම යටතේ ජපානය විසින් ලබාදෙන ඇස්ට්‍රොසෙනෙකා කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා 728,000ක තොගයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්, මීට සුළුවේලාවකට පෙර දිවයිනට රැගෙන විත් තිබේ.

කොවැක්ස් පහසුකම යටතේ ජපානයේ ප්‍රදානයක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 7,27380ක්, අද මෙරටට ලැබීමට නියමිත බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබානොගත් පුද්ගලයන්ට අද (07) උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගත හැකියි.

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව එක් ලක්ෂ 16,664 දෙනෙකුට ඊයේ ලබාදී තිබේ. එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම අද සිව් වැනි දිනටත් සාර්ථකව ක්‍රියාත්මකයි.

කොවැක්ස් පදනම යටතේ ලංකාවට තවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 7 ලක්ෂ විසි අට දහස් හාරසිය හැටක් (728,460) අද (31) දින පස්වරු 5.10ට ජපානයේ නරීටා ගුවන්තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලංකා ගුවන්සේවයට අයත් යූඑල් 455 දරණ ගුවන්යානයෙන් දිවයිනට ගෙන එනු ලැබීය.

ජපානයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා තොගයක් අද (31) ශ්‍රී ලංකාවට පිටත්කර යැවූ බව ජපානයේ ශ්‍රී ලංකාව තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත වෙනුවට යුද හමුදාව විසින් ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටවු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

වයස අවුරුදු 55ට වැඩි, කොළඹ 01 සිට 15 දක්වා වූ ප්‍රදේශවල සිටින ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීමට තීරණය කර ඇති බව, යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා වෛරසයට එරෙහි, එන්නත් නිපදවන ඇස්ට්‍රාසෙනෙකා සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

ඉන්දියාවේ සිට ආනයනය කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ වින විට ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

Latest News