ඇස්ට්‍රාසෙනිකා එන්නත් රැගත් ගුවන්යානය ජපානයෙන් පිටත් වෙයි

ජූලි 31, 2021

    ජපානයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා තොගයක් අද (31) ශ්‍රී ලංකාවට පිටත්කර යැවූ බව ජපානයේ ශ්‍රී ලංකාව තානාපති කාර්යාලය නිවේදනය කරයි.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 455 දරණ ගුවන් යානයෙන්  මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ගෙන එනු ලබන අතර එම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා ද එක්ව සිටියේය.

    මෙම එන්නත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන සිටින් පිරිස් සඳහා දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතයි.

    image 13c5fe07b3

    image 74c2c5875e

    Last modified on සෙනසුරාදා, 31 ජූලි 2021 17:02

    Latest News