පොලිස් ක්ෂේත්‍ර මූලස්ථානය ඇතුළුව ඇස්ට්‍රාසෙනිකා 2වැනි මාත්‍රාව ලබාදෙන ස්ථාන

අගෝ 07, 2021

    ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබානොගත් පුද්ගලයන්ට අද (07) උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගත හැකියි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා නොගත් ඕනෑම පුද්ගලයෙකුට මෙහිදී එන්නත ලබාගත හැකි බවයි.

    ඒ අනූව, ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් ජාතික හැඳුනුම්පත සහ පළමු මාත්‍රාව ලබාගත් කාඩ්පත රැගෙන ආ යුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Vax01

    Vax02

    Vax03

    Vax04

    Vax05

    Last modified on සෙනසුරාදා, 07 අගෝස්තු 2021 09:57

    Latest News