ඇස්ට්‍රාසෙනෙකා සමාගමට යුරෝපා සංගමයෙන් චෝදනා

අප්‍රේ 27, 2021

    කොරෝනා වෛරසයට එරෙහි, එන්නත් නිපදවන ඇස්ට්‍රාසෙනෙකා සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

    එන්නත් ලබා දීමේ දී ගිවිසුම්ගත වූ ආකාරයට සැපයුම් ලබා නොදීම මීට හේතුවයි.

    එන්නත් සැපයීමේ දී යුරෝපා සංගමයට පොරොන්දු වූ පරිදි එන්නත් නිසි වේලාවට සැපයීමට එම සමාගම අපොහොසත් වී තිබේ. එන්නත් සැපයීමේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම අතර දීර්ඝ කාලයක් තිස්සේ මතභේද පැවතිණ.

    මෙම නීතිමය පියවරත් සමග දෙපාර්ශව අතර, අර්බුධය තව තවත් උග්‍ර වූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    ඇතැම් පාර්ශවයන් චෝදනා කරන්නේ, ඇස්ට්‍රාසෙනෙකා සමාගම එංගලන්තයට වාසිදායක වන ආකාරයට කටයුතු කර ඇති බවයි.

    කෙසේ වෙතත්, එම සමාගම මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර සිටියි.

    ඔවුන් සඳහන් කරන්නේ, උසාවියේ දී තම නිර්දේෂී භාවය ඔප්පු කරන බවයි.

    Last modified on අඟහරුවාදා, 27 අප්‍රේල් 2021 09:18

    Latest News