ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය දිවයිනට

අගෝ 07, 2021

    කොවැක්ස් පහසුකම යටතේ ජපානය විසින් ලබාදෙන ඇස්ට්‍රොසෙනෙකා කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා 728,000ක තොගයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්, මීට සුළුවේලාවකට පෙර දිවයිනට රැගෙන විත් තිබේ.

    එම එන්නත් තොගය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබේ.

    ජපානය විසින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඇස්ට්‍රොසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක තොගයක් පසුගිය ජුලි මස 31 වැනිදා දිවයිනට රැගෙන ආවේය.

    Latest News