කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා එක්කෝටි හැත්තෑපන් ලක්ෂ අසූ හත් දහස් හයසිය අසූ අටක් මෙරට ජනතාවට ලබාදී තිබේ. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස හයදහස් දෙසීය තුනක්.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් අද (31) පස්වරුවේ ජපානයේ සිට මෙරටට ලැබීමට නියමිතයි. ඒ හා සමාන තවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබන සෙනසුරාදා මෙරටට හිමිවනු ඇති.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45 ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව වාර්තාවේ.

ඉන්දියාව,ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අපනයනය තාවකාලිකව නතර කර තිබේ. රට තුළ උග්‍රවෙමින් පවතින කොරෝනා වසංගතය පාලනය කිරීමට අවශ්‍ය එන්නත් තොග සපුරාගැනීම එම තීරණය ගැනීමේ අරමුණයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් යුරෝපා සංගමය හා බ්‍රිතාන්‍ය අතර අර්බුදයක් හටගෙන තිබේ.

යුරෝපානු රටවල ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම යළි ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස්‌ පරිදි, කොවිඩ් 19 වෛරසය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනෙකා (Oxford - AstraZeneca) එන්නත මහජනතාව චෙත ලබාදීම අද (15) සිට ආරම්භ කෙරෙන බව කොවිඩ්‌ 19 පැතිරීම වැළැක්වීමේ ජානික ක්‍රියාන්විත මධාස්ථානය ප්‍රකාශ කරයි.

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට එක්ලක්ෂ 61,773 දෙනෙක්ට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් බ්‍රිතාන්‍යයේ කො‍රෝනා වෛරස ව්‍යාප්තිය බෙහෙවින් පාලනය විය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමෙන්ම එහි සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි, බ්‍රිතාන්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Latest News