ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව බ්‍රිතාන්‍යයට සාර්ථකයි

පෙබ 05, 2021

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් බ්‍රිතාන්‍යයේ කො‍රෝනා වෛරස ව්‍යාප්තිය බෙහෙවින් පාලනය විය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමෙන්ම එහි සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි, බ්‍රිතාන්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

    මේ වන විට එරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පවතින්නේ දැඩි අවදානම් තත්වයකයි. බ්‍රිතාන්‍ය මේ වන විට මහා පරිමාණයෙන් එරට එන්නත්කරණය ආරම්භ කර තිබේ. බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛයාව අද වන විට 38 ලක්ෂ 92,000 ඉක්මවා ගිහින්.

    එරට මෙතෙක් ‍සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 90,000කට අධිකයි. ලොව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවෙන් බ්‍රිතාන්‍ය පසුවන්නේ 5 වැනි ස්ථානයේ.

    Latest News